Deriv, ගෝලීය Forex සම්මාන උළෙලේදී “හොඳම පාරිභෝගික සේවය” සම්මානයෙන් සම්මානිතයි


ලිමාසොල්, සිප්‍රස්, සැප්තැම්බර් 13 - Deriv, විශ්වාසනීයත්වය, නව්‍යකම් සහ සේවා 25 වසරක පරම්පරාවක් සමඟ ගෝලීයව පිළිගත් ඔන්ලයින් වෙළඳාම් සමාගමක් වශයෙන්, විශිෂ්ට පාරිභෝගික සහය සඳහා සම්මාන ලැබුවේ ප්‍රසිද්ධ ගෝලීය Forex සම්මාන උළෙලේ “හොඳම පාරිභෝගික සේවය” සම්මානය දිනා ගනිමින්ය.
Deriv හි 25 වැනි අニවසරය සමග සමානව “හොඳම පාරිභෝගික සේවය” සම්මානය, ගනුදෙනුකරුවන්ට ලැහැබදීමට සහ සහයෝගිතාව සැපයීමට සමාගම පවත්වන අඛණ්ඩ කැපවීම පිළිගන්වමින්, උතුම් වෙළඳාම් පරිසරයක් සපයන්නට ඇති ඒකගි‍්‍රහණය තවදුරටත් අවධාරණය කරයි.
පසුගිය වසර 25 තුළ සමාගමේ සාර්ථකත්වය පාරිභෝගික කේන්ද්‍රීය පදනමක් මත ගොඬ නැගී ඇත. Deriv සුවිශේෂී අධ්‍යාපනික සම්පත්, තරඟකාරී ට්‍රේඩින් කොන්දේසි, පරිශීලක-හිතකාමී වේදිකා සහ නව්‍ය නිෂ්පාදන පිරිනමයි. සේවාලාභීන්ට කාලෝචිත සහ ඵලදායි සහයෝගයක් ලැබෙන බව සහතික කිරීම සඳහා එහි Knowledgebase, උදවු මධ්‍යස්ථානය, සජීවී කථාබස්, සහ WhatsApp සේවාව හරහා ශක්තිමත් පාරිභෝගික සහාය සේවා ගොඩනැගීමට සමාගම නිරතුරුවම ආයෝජනය කර ඇත.
Deriv හි සම-ප්‍රධාන විධායක නිලධාරී රක්ෂිත් චෞද්රි මෙසේ අදහස් දැක්වීය: “අප කරන සෑම දෙයකම කේන්ද්‍රය වන්නේ අපගේ ගනුදෙනුකරුවන් ය. මෙම පිළිගැනීම අපගේ ගනුදෙනුකරුවන්ට සහාය වීමේ දී අපේක්ෂාවන් ඉක්මවා යන අපගේ පාරිභෝගික සහාය කණ්ඩායමේ නොපසුබට ප්‍රයත්නයන් පිළිබිඹු කරයි. අපි Deriv හට වසර 25ක් සපිරෙන මේ මොහොතේ, සුවිශේෂී පාරිභෝගික සේවාවක් ලබා දීමට සහ ලොව පුරා ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීමට අපගේ කැපවීම නැවත තහවුරු කරන්නෙමු.”
“මෙම කීර්තිමත් සම්මානය නවෝත්පාදනය සඳහා අපගේ කැපවීම තහවුරු කරන අතර අපගේ ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය ශක්තිමත් කරයි. පාරිභෝගික අත්දැකීම් පිළිබඳ VP ජෙයවර්තිනී වෛරකානන් පවසන පරිදි, “අපගේ ව්‍යාපාරයේ නව ප්‍රමිතීන් සැකසීමට සහ අප කරන සෑම දෙයකදීම පාරිභෝගික තෘප්තිය කෙරෙහි අවධානය යොමු කරමින් සීමාවන් ඉදිරියට ගෙන යාමට එය අපව පොළඹවයි.
Deriv හි පාරිභෝගික සහාය සේවා දර්ශනය අඛණ්ඩතාව, ප්‍රතිචාරාත්මක බව සහ විශේෂඥතාව මත ගොඩ නැඟී ඇත. ට්‍රේඩ් කිරීම සංකීර්ණ විය හැකි බව සමාගම වටහාගෙන ඇති බැවින් තම ගනුදෙනුකරුවන් සඳහා මෙම අත්දැකීම හැකි තරම් සුමට කිරීමට උත්සාහ කරයි. සරල විමසුමකට පිළිතුරු දීම හෝ වඩාත් සංකීර්ණ කාරණයක් විසඳීම වැනි ඕනෑම අවස්ථාවක, Deriv හි සහායක කණ්ඩායම සැමවිටම සහාය වීමට සුදානම්ව සිටින අතර සෑම තරාතිරමකම ගනුදෙනුකරුවන් සඳහා අධ්‍යාපනික ද්‍රව්‍ය සහ විද්‍යුත් පොත් සැපයීමට ආයෝජනය කර ඇත.